How it worksමෙය ක්රියා කරන ආකාරය
Finding a class
Search from the homepage, or browse everything and narrow down by category, subject, medium, district and class type. Contact numbers are hidden until you tap Show contact number, which keeps them away from automated scrapers.
Posting a class
Use post a free ad. You will need a title, a description, a Sri Lankan contact number, a category, a subject and a district. You can attach up to five photos.
What happens next
- Your advertisement is submitted for review — it is not live yet.
- A person reads it before it is published.
- You will get one email at the address you gave — when it is approved, or if it is turned down or taken down, with the reason. There is still no link to edit it later.
- To change or remove it afterwards, see contact and ad removal.
How long listings last
A published advertisement stays online for 90 days. After that it stops appearing in search and its page returns a not-found response, so the directory does not fill up with classes that no longer run. Post again to relist.
Photos
JPG, PNG and WebP are accepted, up to 5 MB each. Photos are re-encoded when uploaded, which removes camera metadata such as location.
සිංහල
පන්තියක් සොයා ගැනීම
ඔබට මුල් පිටුවේ ඇති Search bar එකෙන් අවශ්ය පන්තිය පහසුවෙන්ම සොයාගත හැක. නැතහොත් සියලුම පන්ති ලැයිස්තුව වෙත ගොස් විෂය, පන්ති මාධ්යය (සිංහල/ඉංග්රීසි/දෙමළ), දිස්ත්රික්කය හෝ පන්ති වර්ගය (Online/භෞතික) අනුව filter කර බැලිය හැක. ගුරුවරුන්ගේ දුරකථන අංක අනවශ්ය ලෙස ස්වයංක්රීයව පිටපත් කර ගැනීම (Scraping) වැළැක්වීම සඳහා ඒවා මුලින් සඟවා ඇති අතර, Show contact number බොත්තම එබූ විට පමණක් අංකය දිස්වේ.
නොමිලේ පන්තියක් පළ කිරීම
අපගේ නොමිලේ දැන්වීමක් පළ කරන්න (Post a free ad) පිටුවට පිවිසෙන්න. ඒ සඳහා පන්තියේ මාතෘකාවක්, විස්තරයක්, ලංකාවේ වලංගු දුරකථන අංකයක්, අදාළ විෂය, මාධ්යය සහ දිස්ත්රික්කය ඇතුළත් කළ යුතුය. අවශ්ය නම් පන්තියට අදාළ පින්තූර (Brochures / Photos) 5ක් දක්වා ඇතුළත් කළ හැක.
දැන්වීම පළ කළ පසු සිදුවන්නේ කුමක්ද?
- ඔබ ඇතුළත් කළ දැන්වීම පළමුව අපගේ Review (පරීක්ෂා කිරීමේ) පෝලිමට යොමු වේ — එය එසැනින් සජීවීව පළ නොවේ.
- අපගේ කණ්ඩායම විසින් දැන්වීමේ තොරතුරු පරීක්ෂා කර බලා එය අනුමත (Approve) කරනු ලැබේ.
- දැන්වීම අනුමත වූ විට, හෝ යම් හේතුවක් නිසා ප්රතික්ෂේප වුවහොත්, ඒ පිළිබඳව ඔබ ලබාදුන් Email ලිපිනයට පණිවිඩයක් එවනු ලැබේ.
- පළ කළ දැන්වීමක් පසුව වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට අවශ්ය නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගැනීම සහ දැන්වීම් ඉවත් කිරීම පිටුව බලන්න.
දැන්වීම් සක්රීයව පවතින්නේ කොපමණ කාලයක්ද?
අනුමත වූ සෑම දැන්වීමක්ම දින 90ක් (මාස 3ක්) වෙබ් අඩවියේ සක්රීයව පවතී. ඉන්පසු එය ස්වයංක්රීයව කල් ඉකුත් වී අඩවියෙන් ඉවත් වේ. එමගින් දැනට නොපවත්වන පැරණි පන්ති වලින් වෙබ් අඩවිය පිරීම වැළකේ. පන්තිය තවදුරටත් පවත්වන්නේ නම්, ඔබට එම දැන්වීම නැවත අලුතින් පළ කළ හැක.
පින්තූර / ඡායාරූප (Photos)
JPG, PNG සහ WebP වර්ගයේ පින්තූර ඇතුළත් කළ හැකි අතර, එක් පින්තූරයක් උපරිම 5 MB දක්වා විය හැක. ඔබේ පෞද්ගලිකත්වයේ ආරක්ෂාව වෙනුවෙන්, Upload කරන පින්තූරවල ඇති ස්ථානය (GPS Location) වැනි කැමරා දත්ත අපගේ පද්ධතිය මගින් ස්වයංක්රීයව ඉවත් කරනු ලැබේ.